අද පෙරවරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි අමාත්‍යධුර කිහිපයක සංශෝධනයන් සිදු කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පරිසර අමාත්‍යධුරය ලබා දී ඇති අතර වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාතධුරය පිරිනමා තිබේ.
වැවිලි කර්මාන්ත විශෂ රමේෂ් පතිරණ මහතාගෙන් ඉවත් කර එම අමාත්‍යධුරය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර මහතාට ලබාදී තිබේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි ව්‍යාපාර සම්බන්ධයෙන් කැබිනට් නොවන අමාත්‍යවරයෙක් ලෙසද පත්කර තිබේ.